එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන IL T20 ලීග් තරගාවලියට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මුත්‍රාශයේ ගල් රෝගී තත්ත්වය හේතුවෙන් ඩුබායිහිදී හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වනවා.
ඔහු එම ශල්‍යකර්මයට භාජනය වී ඇති අතර, මේ වන විට සාර්ථකව සුවය ලබමින් සිටින බවයි ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම හදිසි ශල්‍යකර්මය හේතුවෙන්, කුසල් මෙන්ඩිස්ට IL T20 තරගාවලියේ ඉතිරි තරඟ අහිමි වන අතර,ඔහු නියෝජනය කළ ෆ්‍රැන්චයිස් කණ්ඩායම ඒ වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු පත් කිරීම පිළිබඳ තවම නිල නිවේදනයක් නිකුත් කොට නොමැත.