එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ‘මෙඩෝලි’ (Meadowlea) සන්නාමය එක්ව තිබෙනවා.
මෙම අනුග්‍රාහකත්වය ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.
සැප්තැම්බර් 30 වනදා ආරම්භ වීමට නියමිත මෙම එක්දින ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව හා ඉන්දියාව මුලික කරගෙන පැවැත්වෙනවා.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඉදිරිපත් කිරිමට මීට සමගාමීව සිදුවුණා.
