මේ වසරේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රොකී ශූරතාවයද සමගින් සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය හිමිකරගත් යෙවාන් ඩේවිඩ් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවුණා.
තමා දිනාගත් මේ කුසලාන ඓතිහාසික ජයග්‍රහණයේ සංකේත බවත් ශ්‍රී ලංකාවේ ජනතාවට එය අයත් බවත් පවසමින් යෙවන් ඩේවිඩ් ඒවා අමාත්‍යවරයාට ගෞරවයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී භාරදුන්නා.
2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ ඔහුගේ සුවිශේෂී දස්කම් හේතුවෙන් යෙවාන් ඩේවිඩ් 2026 FIA ෆෝමියුලා 3 තරගාවලියට තරග වැදීමටද නියමිතයි.
ඉහළම පෙළේ ගෝලීය මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද ලෙසද ඔහු ඉතිහාසගතවනු ඇත.