ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (09දා) සිදු විය. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී එය සිදු කෙරුණි.
ඒ අනුව මෙම තරඟාවලිය කොළඹ රේස්කෝස් ක්‍රීඩා පිටියේ දී ඔක්තෝබර් 18 සහ 19 පැවැත්වීමට නියමිතව ඇත. රගර් ක්‍රීඩා කරන කාන්තා සහ පිරිමි කණ්ඩායම් 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම තරඟාවලිය සඳහා ජපාන, හොංකොං, චීන, මැලේසියා, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, තායිලන්තය, පිලිපීනය, උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව, චීන තායිපෙ සහ කොරියානු කාන්තා කණ්ඩායම් සහ ජපාන , හොංකොං, චීන, මැලේසියා, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, තායිලන්තය, පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කස්කස්ථානය සහ ඉන්දුනීසියාව යන රටවල පිරිමි කණ්ඩායම් තරඟාවලියට සහභාගී වේ.
මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ ක්‍රීඩාව තුළ “ගේම්” ගැසීමට කිසිදු අයෙක්ට ඉඩ ලබා නොදෙන බවයි. වසරක් තුළ නඩු 8ක් අවසන් කර, වසර 4කට පසු ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය පවත්වා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙතැන් පටන් රග්බි ක්‍රීඩාව නගා සිටුවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීවේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපති පවිත්‍ර ෆර්නෑන්ඩු මහතා, උප සභාපති චරිත් ෆර්නෑන්ඩු මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



