අවුල් වියවුල් මැද මෙසී ඉන්දියාවට.!

ආර්ජන්ටියානු සුපිරි පාපන්දු ක්‍රිඩක ලයනල් මෙසී ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ වසර 14 කට පසුවයි

ඔහු දින තුනක් ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිත අතර එම දිනයන් තුළ කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලි යන ප්‍රදේශ වල සංචාරය කිරිමට නියමිතයි.

ඔහුට උපහාර ලෙස කොල්කටාවේ විවේකානන්ද යූබා භාරතී ක්‍රිඩාංගණයේ ඔහුගේ අනුරුව සහිත අඩි 70 ක ප්‍රතිමාවක් ද ඉයේ දින විවෘත කරනු ලැබුවා.

නමුත් ඔහුව පිලිගැනීම වෙනුවෙන් පැවති උත්සවය කල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේදී දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්වුණා.

මෙසී මෙම උත්සවයට විනාඩි 45ක කාලයක් සඳහා සහභාගී වීමට නියමිතව තිබුණ ද, ඔහුගේ පෙනී සිටීම විනාඩි 20කට සීමා වුණා.

මෙසී කෙටි වේලාවකට පමණක් පෙනී සිටීමත් සමඟ කෝපයට පත් රසිකයින් ආසන ගලවා විසි කිරීම, විවිධ වු වස්තූන් පිටියට දැමීම සහ පිටිය ආක්‍රමණය කිරීම හේතුවෙන් බටහිර බෙංගාල පොලිස් අධ්‍යක්ෂ ජනරාල් රාජීව් කුමාර් පැවසුවේ, මෙම සිදුවීමේ ප්‍රධාන සංවිධායක සතාදෘ දුත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

LATEST NEWS