Mpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Mpox හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් පෙරේදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම් ආනල්ඩ් මහතා සඳහන් කළේ, වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.
Mpox වෛරසය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්තව තිබේ.
වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 461 කි.