රටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සති දෙකක් කල්දැමීමට සිදු වූ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය පසුගිය සිකුරාදා යළි ආරම්භ වුණා.
එහිදී ශ්රී ලයන්ස් පිල සහ යුද හමුදාව අතර ලොන්ඩන් පෙදෙස ක්රීඩාංගණයේදී පැවති තරඟයෙන් ලකුණු
17 – 26 ලෙස ලෙස ජය ලැබීමට යුධ හමුදා කණ්ඩායම සමත් වුණා.
ගුවන් හමුදා ක්රීඩාංගණයේ පැවති ගුවන් හමුදාව සමඟ නාවික හමුදාව අතර තරඟය ජය ගැනීමට ගුවන් හමුදාව සමත් වුණා. එ ලකුණු 28 ට 14ක් ලෙසිනුයි.
CR and FC සමඟ පැවති තරඟය CH and FC කණ්ඩායම 34 -12 ලෙසින් ජයගත්තා.
තරගාවලියේ 20 වැනි තරගය අද මහනුවර ක්රීඩා සමාජය හා පොලීස් ක්රීඩා සමාජය අතර නිත්තවෙලදී පැවැත්වීමට නියමිතයි.