ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) දින රාජ්ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඒ, ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළවය.
මෙම මැතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට පුද්ගලයින් 1576 ක් සුදුසුකම් ලබා තිබේ.
අද (14) දින තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වැනිදා සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
ඇල්පිටිය මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා බෙදාහැරීමට නියමිතය.
පිළිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී තිබේ.